රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය මහා සංඝරන්නයේ ආශිර්වාදයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී (21) පැවැත්විණි.

අඩුපහසුකම් සහිත විහාරස්ථානවල සංවර්ධන කටයුතු, පිරිවෙන් ස්වාමීන් වහන්සේලා සහ දහම් පාසල් දරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට අවශ්‍ය පහසුකම් සැලසීම ආදී අරමුණු කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා ආධාර ලබා දීම ද  සංකේතවත් ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම 2024 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත කේ. රණසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය තැපැල්පති චමිශාද සිල්වා , මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී අනුර රත්නායක යන මහත්ම මහත්මිහුගේ ප්‍රධානත්වයෙන්  එහිදී නිකුත් කෙරිණි.

එමෙන්ම රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උත්සවයෙන් පසු එයට සමගාමී වූ පුරාවිද්‍යා ප්‍රදර්ශනය කුටිය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන සංවිධානය කර තිබේ.

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි, ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමි, අමරපුර ආරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය එඬේරමුල්ලේ අමරමෝලි තිස්ස නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ කුසලධම්ම නාහිමි, ඇතුළු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, යදාමිණි ගුණවර්ධන, ගුණතිලක රාජපක්ෂ, රෝහිණී කවිරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, චීන, වියට්නාම්, කොරියානු තානාපතිවරු, පකිස්ථානු මහ කොමසාරිස්, ඉන්දීය සහකාර මහ කොමසාරිස් ඇතුළු තානාපති නිලධාරීන්, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරින්, සැදැහැවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

WhatsApp_Image_2024-05-22_at_9.35.37_AM.jpeg

WhatsApp_Image_2024-05-22_at_9.35.39_AM_2.jpeg

WhatsApp_Image_2024-05-22_at_9.35.42_AM.jpeg

WhatsApp_Image_2024-05-22_at_9.35.44_AM.jpeg