තායිලන්ත තානාපති H.E. Paitoon Mahapannaporn සහ බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පසුගියදා (20) පැවැත්විණි.

තායිලන්ත රජය විසින් රාජ්‍ය නිලධාරීන්ට ලබාදුන් තාවකාලික පැවිද්ද සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඒ සඳහා මේ වන විටත් බොහෝ රාජ්‍ය නිලධාරීන් කැමැත්ත දන්වා ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එසේම දෙරට අතර බුදු දහම සම්බන්ධයෙන් සබඳතා ගොඩනැංවීම, සංස්කෘතික වෙනස්කම් හුවමාරු කර ගැනීම, සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම, සංස්කෘතික සබඳතා පිළිබඳව සොයා බැලීම ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එමෙන්ම රටවල් දෙක තුළ පවතින සංස්කෘතිය දෙරට පුරවැසියන්ට ලබා දීම, ප්‍රවර්ධනය කිරීම ශක්තිමත් කළ යුතු බව විදුර වික්‍රමනායක මහතා එහිදී යෝජනා කළේය.