ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පසුගියදා (17) පැවැත්විණි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සම්භාවනීය අමුත්තෝ එහිදී සිදු කළහ.

උපහාර උත්සවයේ ප්‍රධාන අනුස්මරණ දේශනය මහාචාර්ය සරත් විජසූරිය මහතා සිදු කළේය.

හිටපු කතානායක කරු ජයසුරිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර,

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරු වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර,  පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දුමින්ද දිසානායක, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා,  හිටපු අමාත්‍යවරු වන සරත් ඒකනායක, පණ්ඩු බණ්ඩාරනායක, ෆයිසර් මුස්තාෆා, හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.