ඔබ මෙතනයි:  මුල් පිටුව ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්

“සූරිය උදානය” ජාතික අලුත් අවුරුදු උළෙල - 2017

 

අලුත් අවුරුදු  ජනක්‍රීඩා නව පරපුරට දැක බලාගැනීමට අවස්ථාව උදා කිරීම, ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය ඇති කිරීම තුළින් සමානාත්මතාව ඇති කිරීමේ අරමුණ ඇතිව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බුලත්සිංහල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන  “සූරිය උදානය ජාතික අලුත්  උළෙල  - 2017”   2017 අප්‍රේල් 22 වන දින දවස පුරා බුලත්සිංහල ජාතික පැසැල් පරිශ්‍රයේ දී පැවැත්වේ.

මෙම අලුත් අවුරුදු උත්සවයේ පැපැදි ධාවන තරග, මැරතන් තරග, කඹ ඇදීම, අවුරුදු  කුමාරා/ කුමරිය තේරීම,  මෙන්ම චක්ගුඩු පැනීම, පොල් ගෑම, පොල් අතු විවීම, කණාමුට්ටිය බිඳීම, කැවුම් කෑම, බැලුම් පිපිරවීම, ලිස්සන ගහේ නැගීම, ආදී තරග මෙන්ම  ඔන්චිලි වාරම්, පංච දැමීම,  එළුවන් කෑම, ජන ගායනා, ඔළිඳ කෙළිය, රබන් වාදනය, කොට්ටා පොර , කතුරු ඔන්චිල්ලාව, පොරපොල් ගැසීම, උණ වෙඩි,  ආදී ජන ක්‍රීඩා රැසකින් සමන්විත වෙයි.

අවුරුදු උත්සවය අවසානයේ දී සංස්කෘතික මධ්‍යස්ථාන මගින් ඉදිරිපත් කරනු ලබන නර්තන ප්‍රසංගයක්,  60 -70 දශකයේ කලාකරුවන්ගේ සංගීත ප්‍රසංගයක්, විවිධ ජන කොටස්වල සංස්කෘතික ප්‍රසංගයක්, හිටිවන කවිමඩුවක්, වාද බයිලා ප්‍රසංගයක්,  කිරි කොරහ ශාන්ති කර්මයක් , ජන ගී ප්‍රසංගයක් පැවැත්වීමටත් පසුදා පහන්වනතුරු  ශාන්ති කර්මයක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර ඇත.

මෙම ජාතික අලුත් අවුරුදු  උළෙල අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ සහභාගිත්වයෙන්  පැවැත්වේ.

 

රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම

දිවයින පුරා ඉදිකෙරෙන සංස්කෘතික මධ්‍යස්ථාන වැඩපිළිවෙලට අනුව185 වන සංස්කෘතික මධ්‍යස්ථානය වශයෙන්රත්නපුර  දිස්ත්‍රික්කයේඕපනායකප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම 2016 ජුනි මස 03 වන දින අභ්‍යන්තර කටයුතුවයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතුනියෝජ්‍ය අමාත්‍යගරුපාලිත තෙවරප්පෙරුමමැතිතුමාගේ  ප්‍ර‍ධානත්වයෙන් සිදු විය.  ඒ සඳහා රජය වැය  කර ඇති මුදල මිලියන17කි.

මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතුවයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍ර‍දීපා සේරසිංහ මහත්මිය ඇතුළු නිලධාරි පිරිසක් සහභාගි වූහ.

 

සෙනෙහස ජාතික වැඩසටහන

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ලද සෙනෙහස ජාතික වැඩසටහන අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් 2017 මාර්තු 08 වන දින නුවරඑළිය නගර සභා ශාලාවේ දී පැවැත්විණ.

 

 

විචිත්‍ර‍වත් රසවින්දන සායන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ මෙම අවස්ථාවට ගර්භණී මාතාවෝ 500දෙනක් සහභාගි වූහ. එම අවස්ථාවේ දී ගරු අමාත්‍යතුමාගේ සුරතින් ගැබිනි මාතාවන් වෙත ත්‍යාග ප්‍ර‍දානය සිදු කෙරුණු අයුරු ඡායාරූපයේ දැක්වේ.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  ඩී. ස්වර්ණපාල, අතිරේක ලේකම් ප්‍ර‍දීපා සේරසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තරණි අනෝජා ගමගේ  යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයේ වෙති.

 

සංරක්ෂණයෙන් පසු කොළඹ ජාතික කෞතුකාගාරය මහජනයා සඳහා යළි විවෘත කෙරේ.

 

රුපියල් මිලියන 200ක වියදමින් සංරක්ෂණය කරන ලද කොළඹ ජාතික කෞතුකාගාරය පූර්ණ වශයෙන් යළි මහජනතාව සඳහා විවෘත කිරීම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු එස්. බී. නාවින්න මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ සහභාගිත්වයෙන්  පසුගියදා සිදු විය.

 

1877 ජනවාරි 01 දින ප්‍ර‍ථම වතාවට මහජතාව වෙත විවෘත කරන ලද කොළඹ ජාතික කෞතුකාගාරයේ එදා - මෙදා තුර සිදු කරන ලද විශාලතම සංරක්ෂණ ව්‍යාපෘතිය ලෙස මෙය සැලකේ. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ඉංජිනේරු සේවා බලකාය විසින් මෙම සංරක්ෂණ කටයුතු සිදු කරන ලදී.  ඒ අනුව, අද සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ සියලුම මැදිරි නැරඹීමට මහජනතාවට අවකාශ සැලසේ.

 

ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් ජාතික කෞතුකාගාර තොරතුරු පිරික්සිය හැකි ශ්‍රී ලංකා මියුසියම් ජංගම දුරකතන මෘදුකාංගය හඳුන්වා දීම ද මෙයට සමගාමීව සිදු විය.

 

මෙම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ද, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල, යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වා, ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුළ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

 


JPAGE_CURRENT_OF_TOTAL

© 2017 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි. නිර්මාණය: Pooranee Inspirations (Pvt) Ltd.