ඔබ මෙතනයි:  මුල් පිටුව අපගේ ලෝක උරුමයන්

අපගේ ලෝක උරුමයන් පිළිබඳව


යුනෙස්කෝ ආයතනයේ ආධාර ඇතිව ශ‍්‍රී ලංකාවේ 1980 සිට 1997 දක්වා කාලය තුළ ක‍්‍රියාත්මක වූ සංස්කෘතික ත‍්‍රිකෝණය වැඩසටහනෙහි ක‍්‍රියාත්මක කිරීම භාරව සිටි ආයතනය වූයේ මධ්‍යම සංස්කෘතික අරමුදලයි, මෙම වැඩසටහන තුළට අභයගිරිය හා ජේතවන විහාරය ඇතුළත් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර යන ස්ථාන අයත් විය. මෙය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වූ විශාලතම සංස්කෘතික උරුම සංරක්ෂණ ව්‍යාපෘතිය වූ අතර, යුනෙස්කෝ ආයතනයේ ආධාර ඇතිව ක‍්‍රියාවට නංවන ලද වැඩසටහන් අතුරින් ඉතාමත් සාර්ථක වූ එකක් විය. මෙහිදී ව්‍යාපෘතියේ මූලික වැඩ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතින් ලබා ගැනීම පිණිස යුනෙස්කෝ ආයතනය හරහා ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කෙරීණ. මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ආවරණය කරන ලද ප‍්‍රධාන කාර්යයන් පහත දැක්වේ.

  • පුරා විද්‍යාත්මක පර්යේෂණ
  • සංරක්ෂණය හා විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ උරුමයන් රැක ගැනීම. (බිතු සිතුවම් හා අනෙකුත් අලංකාරමය නිර්මාණ)
  • උරුමයන් පිළිබඳ තොරතුරු සැපයීම.
  • උරුමයන් පවත්නා ස්ථානවල නරඹන්නන් සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
  • අදාල ස්ථාන හා කෞතුකාගාර සංරක්ෂණය.

ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ දී අදාල ස්ථානයන් හී විශ්ව මට්ටමේ කැපී පෙනෙන ලක්ෂණ පැවතිය යුතු අතර, තෝරා ගැනීමේ නිර්ණායක දහය අතුරින් අඩුම තරමින් එකක්වත් සපුරාලිය යුතුව ඇත. ලෝක උරුම ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීමට අදාල මාර්ගෝපදේශ තුළ මෙම නිර්ණායක විස්තර වශයෙන් දක්වා තිබේ. ලෝක උරුම ප‍්‍රඥප්තියට අදාල ප‍්‍රධානතම ක‍්‍රියාකාරී සංකල්පය තුළ ඇතිවන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් කමිටුවක් විසින් මෙකී නිර්ණායක කලින් කලට සංශෝධනය කරනු ඇත.

තෝරා ගැනීමේ නිර්ණායක

  • මානව නිර්මාණ ප‍්‍රතිභාව සහිත විශිෂ්ඨ නිර්මාණයන් නියෝජනය කිරීම.
  • විශ්ව සංස්කෘතිකමය ක්ෂේත‍්‍රය තුළ කලක් තිස්සේ පැවත එන ගෘහනිර්මාණ කලාව හා බැඳුණු, වැදගත් මානව හරයන්ගේ අන්නෝන්‍ය එකතුව විදහා දැක්වීම.
  • තාක්ෂණය, ස්මාරක කලාව, නගර නිර්මාණ හා භූමි පරිභෝජන සැලසුම් හා බැඳුණු වැදගත් සංසිද්ධීන්.
  • ලෝකය තුළ දැනට දක්නට ලැබෙන හෝ අභාවයට ගොස් ඇති සංස්කෘතිකමය සම්ප‍්‍රදායන් හෝ ශිෂ්ඨාචාරයන්වලට සාක්ෂි දරණ විශේෂතාවයන්/ සිද්ධීන්.
  • මානව ඉතිහාසයේ විශේෂිත අදියරයන් පෙන්නුම් කරනු ලබන ගොඩනැගිලි, ගෘහනිර්මාණ හෝ තාක්ෂණයන් සමඟ බැඳුණු කැපී පෙනෙන උදාහරණ.
  • දැනට විනාශ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති,  විශේෂිත වූ මානව අන්තර් ක‍්‍රියාකාරකම් හෝ සංස්කෘතීන් නියෝජනය කරනු ලබන සාම්ප‍්‍රදායික මානව ජනාවාස, භූමි පරිභෝජනය හෝ මුහුදු භාවිතයට ගැනීම යන ක‍්‍රියාකාරකම් හා බැඳුණු විශේෂිත උදාහරණ.
  • කැපී පෙනෙන විශ්ව මට්ට්මේ විශේෂත්වයක් සහිත කලා හා සාහිත්‍යමය කෘතීන්, සංකල්ප හෝ අදහස් නියෝජනය වන ඍජු හෝ ස්පර්ශමය වශයෙන් පවත්නා නිර්මාණ (කමිටුව විසින් මෙම නිර්ණායකය අනෙකුත් නිර්ණායක සමඟ පොදුවේ යොදා ගනී.)
  • විශේෂිත ස්වභාවික ප‍්‍රපංචයක් හෝ, ව්‍යතිරේඛමය ස්වභාවික අලංකාරයක් හෝ සෞන්දර්යාත්මක ආකර්ශණයක් සහිත වීම.
  • ඓතාහාසිකමය ජීවන තොරතුරු/ වාර්තා
  • ජලය, වෙරළ හා මුහුද ඇතුළත් පාරම්පරික පද්ධතිය තුළ වෙසෙන පැලෑටි හා සත්ව විශේෂවල සංවර්ධන හා පරිණාමනය හා බැඳුණු පාරම්පරික හා ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලිය නියෝජනය කරනු ලබන වැදගත් උදාහරණ වීම.
  • විද්‍යාව හා සංරක්ෂණය යන දෘෂ්ඨි කෝණයන්ගෙන් විශේෂිත වූ විශ්වමය වටිනාකමක් සහිත දැනට විනාශ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ජීවමය ප‍්‍රභේදයන් ඇතුළුව සංරක්ෂණයක අවශ්‍යතාවය පවත්නා ඉතා වැදගත් වූ ස්වභාවික වාසභූමි/ ජනාවාස වීම.
  • භූමි  විනාශය හා සම්බන්ධ භූ විද්‍යාත්මක සංසිද්ධීන්, හෝ වෙනත් භෞතිකමය පරිණාමයන් සහිත පෘථිවි ඉතිහාසයේ ප‍්‍රධාන අවස්ථාවන් නියෝජනය කරනු ලබන කැපී පෙනෙන උදාහරණ වීම.
 

© 2017 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි. නිර්මාණය: Pooranee Inspirations (Pvt) Ltd.