நீங்கள் இங்கே உள்ளீர்கள்:  முகப்பு செய்திகளும் சம்பவங்களும் Upcoming Events ඉදිකෙරෙමින් පවතින සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සදහා කුලී පදනම මත වාහන හා යන්ත්‍ර ලබා ගැනීම

ඉදිකෙරෙමින් පවතින සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සදහා කුලී පදනම මත වාහන හා යන්ත්‍ර ලබා ගැනීම

                                                         

              alt                           

  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

     අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.

   ලංසු සඳහා ආරාධනයයි

          ප්‍රසම්පාදන අංකය  : CA/PRO/2017/BID/05

 

         ඉදිකෙරෙමින් පවතින සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සදහා කුලී පදනම මත වාහනහා යන්ත්‍ර ලබා ගැනීම

01 අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඉදිකෙරෙමින් පවතින මාතර, නාවිමන උතුර සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ සේවයේ යෙදවීමට  

කුලී පදනම මත පුද්ලයින්ගෙන් හා ආයතනවලින් පහත සඳහන් වාහන හා යන්ත්‍ර සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ.

 

අවශ්‍ය වන වාහන හා යන්ත්‍ර

අංකය

                                       වාහන /යන්ත්‍ර වර්ගය

වාහනවල පිරිවිතරයන්

එන්ජින් ධාරිතාව

 

ප්‍රමාණය

ලංසු බැඳුම්කරයේ වටිනාකම
 (1) වෑන් රථය ද්විත්ව වායු සමනය කළ සහ අවම ආසන 12 කින් යුක්ත වීම. 2500 CC හෝ ඊට වැඩි  

   01

රු.17,000.00

(11)

කෘ කැබ් රථය වායු සමනය කළ 3000 CCහෝ ඊට වැඩි  

 

   01

රු.16,000.00

(111)

ට්‍රැක්ටරය (ටේලරය සමඟ)   2500 CC හෝ ඊට වැඩි  

    01

රු.11,000.00

(1V)

ලොරි රථය -  (අවශ්‍ය අවස්ථාවලදී ලබා ගැනීමට)  පිටුපස දිග අඩි 14.5 සම්පූර්ණ ආවරණ සහිත ටොන් 05 කට වඩා බර දැරිය හැකි විය යුතුයි.

6000 CC හෝ ඊට වැඩි

 

    01

රු.7,500.00

(V)

JCB යන්ත්‍රය (අවශ්‍ය අවස්ථාවලදී ලබා ගැනීමට)

3CX වර්ගයට අයත් වීම.

3990

CC හෝ ඊට වැඩි

 

    01

රු.40,000.00

 

02. ජාතික තරඟකාරී ලංසුකරණ පිළිවෙළ අනුව ලංසුකරණය සිදුකරනු ලැබේ.

03. හේතු නොදන්වා කිසියම්  ලංසුවක් ප්‍රතික්ෂේප කිරීමේ බලය ප්‍රසම්පාදන මණ්ඩලය සතුය.

04. ගිවිසුම් ගත කාලය තුළ වාහන හා යන්ත්‍ර අළුත්වැඩියා කිරීම සඳහා රැගෙන යාමේදී දින 01 කට වැඩි කාලයක් ඉක්මවා යන්නේ නම් ඒ වෙනුවෙන් වෙනත් වාහනයක් හෝ යන්ත්‍රයක් සැපයිය යුතුය.

05. ඉන්ධන හා රියදුරු සැපයුම්කරු විසින් සැපයිය යුතුය.

06. වාහනයේ සියලුම  අළුත්වැඩියාවන් හා සේවා කිරීම් සැපයුම්කරු විසින් කළ යුතුය.

07. ගිවිසුම්ගත වන ප්‍රථම අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලබන වාහන හා යන්ත්‍රවල ප්‍රමිතිය ගිවිසුම් කාල සීමාව තුළ එකසේ පවත්වාගෙන යාමට වග බලා ගත යුතු අතර ප්‍රමිතියෙන් තොර වුවහොත්  පෙර දැනුම් දීමකින් තොරව ගිවිසුම අවලංගු කරනු ඇත.

08. ඉහත වගුවට අනුව ඒ ඒ වාහනයට අදාළව වෙන වෙනම   කොන්දේසි රහිත, පිළිගත් බැංකුවකින් ලබාගත්  දින 90 කට වලංගුලංසු බැඳුම්කරයක්, ලේකම්, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නමින් ලංසු ලියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.  

09. මේ සඳහා මුද්‍රා තබන ලද ලංසු  2017 දෙසැම්බර් 13 දින ප.ව.2.00 ට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන්නට සැලැස්විය යුතු බව දැනුම් දෙමි. එසේම බත්තරමුල්ල, සෙත්සිරිපාය,8 වන මහළ පිහිටි මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට රජයේ කාර්යාල වේලාවන් තුලදී බහාලිය හැක. වැඩි විස්තර සඳහා දුරකථන අංක 011 – 2862675 අමතන්න.

10.ලංසු ලියවිලි රජයේ වැඩ කරන දිනවල ප.ව.3.00 ට පෙර පැමිණ මෙම අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයෙන් නොමිලයේ ලබාගත හැක. මෙම ලංසු ලියවිලි අමාත්‍යාංශ වෙබ් අඩවියෙන්ද බාගත කර ගත හැක.

    වෙබ් අඩවිය www.cultural.gov.lk.

11.. එක් එක් වාහනය සඳහා වෙන වෙනම ලංසු ඉදිරිපත් කළ යුතු අතර ඉහත අයිතම( 1) හා (11) හි සඳහන් වාහන/ යන්ත්‍ර වෙනුවෙන් මසකට අය කරන ගාස්තුවද (111) අයිතමය සඳහා දිනකට අය කරන ගාස්තුව ද (1V) අයිතමය හදහා 1Km කට අය කරන ගාස්තුව ද (V) අයිතමය සඳහා පැය 01 කට අය කරන ගාස්තුව ද සඳහන් කළ යුතුය.ඹබගේ ලංසුවේ වලංගු කාලය දින 91 ක් විය යුතුය.

12.ලංසු බහාලන කවරයේ වම් පස ඉහළ කෙළවරේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා කුලී පදනම මත වාහන හා යන්ත්‍ර ලබා ගැනීම සඳහා ලංසු කැඳවීම යනුවෙන් සඳහන්කළ යුතුය.

 

සභාපති (ප්‍රසම්පාදන මණ්ඩලය)

අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

8වන මහළ,

සෙත්සිරිපාය,

බත්තරමුල්ල.

 

© 2017 உள்நாட்டு அலுவல்கள், வயம்ப அபிவிருத்தி மற்றும் கலாசார அலுவல்கள் அமைச்சு.
முழுப் பதிப்புரிமை உடையது. அபிவிருத்தி செய்யப்பட்டது : Pooranee Inspirations (Pvt) Ltd.